Your cart is currently empty!
හැඳින්වීම
Asian-Novelty ආයතනය 2019 සිට පේටන්ට් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. මෙම ආයතනය Pvt Ltd. ආයතනයක්. ගතවුණු අවුරුදු හය ඇතුළත අප ආයතනයට පැමිණි, දුරකථන මාර්ගයෙන් කතාකළ එහෙමත් නැත්නම් මඟ තොටදී හෝ යම් තැනකදී මුණ ගැසී ඔබ වැනි නවනිපැයුම්කරුවන් ඇසූ ගැටලුවලට පිළිතුරු මෙම පොත් පිංචෙහි සඳහන් කරලා තියෙනවා. මේ වගේම ගැටලුවක් හරි ආසන්න ගැටළුවක් හරි ඔබගේ හිතේ තියෙන්න පුළුවන්. ඉතින් අපේ උත්සාහය තමයි ඒ හැම එකටම මේ කුඩා පොත් පින්චෙන් උත්තර ලබාදෙන එක. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නය මේ ප්‍රශ්න ගොඩේ නැත්නම් අපිට කතා කරන්න එහෙමත් නැත්නම් ඊ මේල් එකක් එවන්න.
පේටන්ට් එකක් කියන්නේ..
පේටන්ට් එකක් කියන්නේ මහන්සි වෙලා තනිවම වැඩිදියුණු කරන ලද තාක්ෂණයකට අවුරුදු විස්සක් දක්වා අයිතිය ලබාගත හැකි ක්‍රමයක්.
මුලින්ම ජාතික බුද්ධිමය දේපල ආයතනයේ වෙබ් සයිට් එකකට යන්න. එහි පේටන්ට් සඳහා වෙන් වී ඇති කොටසෙහි ඔයාලට ඕන දත්ත සටහන් කරලා තියෙනවා. ඒ වගේම පේටන්ට් එකක ආකෘතියද සටහන් කරලා තියෙනවා. ඒ සඳහා යන මිල ගණන් පවා සටහන් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් අයදුම් පත පුරවලා ජාතික බුද්ධිමය දේපල ආයතනයට භාර දීලා ඔයාලගේ අයදුම්පත් අංකය ලබාගන්න.
https://www.nipo.gov.lk/web/index.php?lang=en
පේටන්ට් එකක් ඇත්තටම තනිවම ලියාගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා පළපුරුද්දක් දැනුමක් උගැන්මක් තියෙන්න ඕනි. එහෙම නැතුව අපිට තාක්ෂණය පිළිබඳ දැනුම විතරක් තිබිලා අපි පේටන්ට් එකක් ලියලා බාර දුන්නොත් ඒක ප්‍රතික්ෂේප වන සම්භාවිතාව ඉතා වැඩියි.
ඇත්තටම ලංකාවේ ප්‍රතික්ෂේප වන සම්භාවිතාවය 65%ක් විතර. ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ ප්‍රතික්ෂේප වුණු තාක්ෂණයන් පේටන්ට් එකක් ගන්න බැරි තරම්ම දුර්වලයි කියල. ප්‍රධානම හේතුව වෙන්නේ ඒක ලියල තියෙන විදිය වැරදි වීම.
පේටන්ට් එකක් ලියන්න අවුරුදු ගානක පලපුරුද්දක් අත්දැකීමක් එහි පසුබිම තේරුම් ගත හැකි පරිදි තාක්ෂණය පිළිබඳ අවබෝධයක් තිබෙන කෙනෙක් ඕන. ඒ ලියන කෙනා තෝරන කොට ඔයාලට බලන්න ඕන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. මගේ තාක්ෂණය පැහැදිලිව ලියා දීමට තේරුම් ගැනීමට හැකි අයෙක් වීම, පේටන්ට් පිළිබඳ මනා අවබෝධයක් පැවතීම, පේටන්ට් අයදුම් කර අත්දැකීමක් ලබා තිබීම, පේටන්ට් එක දාන්න කලින් පසුබිම් පරීක්ෂාවක් කිරීමට හැකියාවක් පැවතීම වගේ දේවල්.
Asian-Novelty ආයතනය මේ සඳහා මනා දැනුමක් පලපුරුද්දක් තිබෙන අයතනයක්. එහි ඉංජිනේරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මාස්ටර් උපාධිය දක්වා ඉගෙන ගත්, ජාතික බුද්ධිමය දේපළ ආයතනයේ, ලෝක බුද්ධිමය දේපළ ආයතනයේ, යුරෝපීය බුද්ධිමය දේපළ ආයතනයේ මනා පුහුණුවක් ලැබූ අය මේ සඳහා යොදවා ගනු ලබනවා. අපගේ ආයතනයට ඇවිල්ලා ඔබගේ සේවාව ලබාගන්න.
ඔයාලගේ පේටන්ට් එකක් කරන්න කලින් අපගේ ආයතනයේ ඉංජිනේරුවරයෙක් සති දෙකක පමණ කාලයක් තාක්ෂණය අධ්‍යයනය කිරීමට, පේටන්ට් කළ හැකි තාක්ෂණික ලක්ෂණ හඳුනාගැනීමට, පේටන්ට් එක ලිවීමට සහ නැවත පරීක්ෂාවට ලක් කරනවා. ඒ සඳහා ආයතනික ගාස්තුවක් ඉදිරිපත් කරනවා. එයට අමතරව ජාතික බුද්ධිමය දේපළ ආයතනයට ගිහින් අයදුම් පත්‍රය භාරදීමට සහ රජයේ ගාස්තුව ගෙවීමට අදාළ මුදල ද අප අය කරනවා.
ඊට පස්සෙත් අවස්ථා දෙකක් විතර ඕගොල්ලොන්ට ආයතනයත් එක්ක සම්බන්ධව වැඩ කරන්න සිද්ධ වෙනවා. පේටන්ට් එක පරීක්ෂා කරාට පස්සේ ප්‍රති උත්තර සැපයීම සඳහා අවස්ථා එකක් දෙකක් තුනක් ඔයාලට ගෙවීම් සිදු කරන්න වෙනවා.
එහෙමනම් කරන්න බැහැ. මොකද පේටන්ට් එකක් කියන්නේ අපිට ලැබීමට යම්කිසි සම්භාවිතාවයක් තියෙන දෙයක්. අපේ ආයතනය කරන්නේ ඒ සම්භාවිතාවයට 95% ක් විතර දක්වා වැඩි කරලා දෙන එකයි. අපි මුලින් හරියටම තාක්ෂණ පරීක්ෂාවක් සිදු කරන නිසා අපිට ඒ ඉහළ සම්භාවිතාවය ලබාගන්න පුළුවන්. ආයතනයට කාලයක් මුදලක් මහන්සියක් සිදු කරන්න වෙනවා. ඒ සඳහා අය කිරීමක් කරන්න වෙනවා.
අපි මිල ගණන් ලබා දෙනකොට ඔබ පාසල් සිසුවෙක් ද, තනි නවනිපැයුම්කරුවෙක්ද, කුඩා ව්‍යාපාර හිමියෙක් ද එහෙමත් නැත්නම් විශාල ව්‍යාපාරයක සේවය කරන්නෙක්ද කියලා සලකල බලල තමයි මිල ගණන් ලබාදෙන්නේ.
ඔව්; එහෙම නැතුව කිසිම පේටන්ට් එකක් ලබාගන්න බැහැ. මොකද ලංකාව කියන්නේ පේටන්ට් එකක් පරීක්ෂා කරලා ඒ සඳහා තවදුරටත් අවශ්‍ය පැහැදිලි කිරීම් ලබාගෙන අදාළ ක්‍රමවේදයකට අනුවම විතරක් පේටන්ට් ලබාදෙන රටක්. ඉතිං අපි ලිව්වත් කවුරු ලිව්වත් ඔය ක්‍රමවේදයේ පේටන්ට් එක ගමන් කරනවා.
අපිත් එක්ක පේටන්ට් එකක් දැම්මහම තියෙන ප්‍රධානම වාසිය තමයි ඕගොල්ලන්ගේ හිසට ඒ පේටන්ට් එක බරක් නොවීම. ඒකට හේතුව තමයි අපි ඒ සඳහා අවුරුදු දොළහක විතර පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම අවුරුදු විස්සක් විතර පළපුරුද්ද තියෙන ඉංජිනේරු ක්ෂේත්‍රයේ අය තමයි ඔයාලගේ පේපර් එක ලියන්නේ. ඒ වගේම යම්කිසි හේතුවකින් පරීක්ෂකවරයා යම්කිසි ගැටලුවක් විමසූ විට ඒ අයට හොඳින් උත්තර දෙන්න තේරෙනවා. ලංකාවේ වගේම ජාත්‍යන්තර පේටන්ට් වලට අත්දැකීම් ඒගොල්ලන්ට තියෙනවා. ඉතිං ඉතාමත් කෙටි කාලයකදී ඔයාලට ඔයාලගේ වැඩ ටික කරගන්න පුළුවන්.
තවත් විශේෂ දෙයක් තමයි ඔයාලගේ පේටන්ට් එක විශ්වාසනීයව වෙළඳපොළ කරා ළඟා කර ගැනීමට අපි උදව් කිරීම.
අපි මෙහෙම කියමු. අපි පේටන්ට් අයදුම් පතක් බාර දුන්නහම පෝළිමක තබාගෙන එන පිළිවෙලට පරීක්ෂකවරයෙකුට ලබාදෙනවා. පරීක්ෂකවරයා එය ඉතා හොඳින් පරීක්‍ෂා කරලා අපිට ලිපියක් මගින් දන්වනවා. මේ ලිපිය පැහැදිලිව තේරුම් ගන්න සාමාන්‍ය නව නිපැයුම්කරුවකුට අමාරුයි. ඒකට හේතුව එය පේටන්ට් භාෂාවෙන් ලියල තියෙන නිසා. ගොඩක් වෙලාවට නව නිපැයුම්කරුවෙක් හිතන්නේ මගේ පේටන්ට් එක වගේ දේවල් ලෝකෙ තියෙනව කියල මට ලියුමක් එවලා තියෙනවනේ, ඉතින් මෙතනින් එහාට මේ වගේ ඒවා හදල වැඩකුත් නෑ කියලයි මට හිතෙන්නේ. ඒ වගේම රජයේ ආයතනය ගැන තරහින් කතා කරන අයත් ඉන්නවා. ඇත්තම කතාව එක නෙමෙයි. පරීක්ෂා කර බලලා ඔබට ඒ ආකාරයේ ලියුමක් ලිවීම පරීක්ෂකවරයාගේ රාජකාරිය කොටසක්. අපි වගේ දැනුම් තේරුම් ඇති ආයතනයකට ඒ ලිපිය හොඳින් කියවා ඒකට අවශ්‍ය ප්‍රතිඋත්තර සැපයීමෙන් පරීක්ෂකවරයා බොහෝ විට ඔහුට හෝ ඇයට අවශ්‍ය තොරතුරු ලැබීම නිසා එක් වරක් හෝ දෙවරක් නැවත පරීක්ෂා කර එම තාක්ෂණයට පේටන් බලපත්‍රය ලබාදෙන්න තීරණය කරනවා. හැබැයි අපි හරියට ලියල තිබුණෙ නැත්නම් කවදාවත් ඒගොල්ලෝ පේටන්ට් බලපත්‍රය ලබාදෙන්නේ නැහැ.
ඒ විදියට හරියටම නිවැරදිව ප්‍රති උත්තර දුන්නත් පේටන්ට් එකක් මාස අටයි දහ අටයි වගේ කාලයකදී ලබාගන්න පුළුවන්.
දෙතුන් සැරයක් පරීක්ෂා කරන ලියුම් එවීම සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට online meeting එකකින් හරි ගිහිල්ල කතා කරන්න හරි ඒගොල්ලෝ අවස්ථාවක් දෙනවා. හැබැයි සමහර පේටන් තියෙනවා අවුරුදු දහයක් විතර එහෙට මෙහෙට යනවා. ඒ කියන්නේ නව නිපැයුම්කරුවා කියන දේ පරීක්ෂකවරයා තේරුම් ගන්නෑ පරීක්ෂකවරයා කියන දේ නව නිපැයුම්කරුවා තේරුම් ගන්නෑ. ඇත්තටම අපි මොනවත් කට වචනෙන් කියලා වැඩක් නැහැ. හැමදේම පේටන්ට් භාෂාවට අදාලව නීතිමය ලියකිල්ලක් වගේ හරියටම හදල දෙන්න ඕනේ. ඒ ගැන මේකට Techno Legal කියලා කියන්නේ.
ඔව්, අපි ඕනම අවස්ථාවකදී ඕගොල්ලන්ගේ ප්‍රශ්නය භාරගන්න කැමතියි. එහෙම භාරගෙන ලබාගත්ත පේටන්ට් වලට උදාහරණ ඕන තරම් අපි ගාව තියෙනවා. හැබැයි මුලින්ම අපි දාන එකයි ඕගොල්ලෝ මුලින් දාන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා.
අපි මුලින්ම අයදුම් පත සූදානම් කරනවනම්, ලඟම තියෙන තාක්ෂණයන් හඳුනාගෙන ඔබගේ තාක්ෂණයේ පේටන්ට් කළ හැකි ලක්‍ෂණ හඳුනාගෙන බලපත්‍රය සඳහා කොපමණ වපසරියක් ඇතුල් කල හැකිද ඒ සඳහා උපරිම ප්‍රමාණය ඇතුල්කර අපි පේටන්ට් එක අයදුම් කරනවා. මොකද හේතුව ඔයාල මේ පේටන්ට් එකත් එක්ක ඉදිරි අවුරුදු විස්සකදි ආදායම ලබාගන්න පුළුවන් දෙයක් නිසා. ඕගොල්ලෝ මුලින්ම අයදුම් කරාම ප්‍රශ්නය වෙන්නේ ඔයාලට ඒ තරම් අවබෝධයක් නැති නිසා ඕගොල්ලෝ තාක්ෂණය එහෙමම ලියලා දානවා. ඒකෙන් ප්‍රතික්ෂේප වෙන සම්භාවිතාවයත් වැඩියි. ඒ වගේම ඔයාලට ඒ තාක්ෂණයයි පසුබිම ඕගොල්ලොන්ට අයිතිය ලබාගත හැකි ප්‍රමාණය ඕගොල්ලෝ ගොඩාක් කුඩා ප්‍රමාණයකට විතරයි අයදුම්පත ලියන්නේ සමහර විට පේටන්ට් එක ලබා ගත්තත් ඔබගේ ආසන්නයේම තරගකරුවෙක් ඔබගේ වගේම ආසන්න දෙයක් නිෂ්පාදනය කරලා වෙළඳපලට එන්න පුළුවන්.
එහෙම බැහැ. මොකද පේටන්ට් එකක අයිතිය රජයෙන් ලබා දෙන්නේ මුල් අයදුම්පතේ දිනයේ සිට. අපිට තාක්ෂණයක් පැහැදිලි කරන්න අවස්ථාව දුන්නට අපිට ලියන්න බැරි වෙච්ච අලුත් තාක්ෂණ කොටසක් නැවත ඇතුළත් කරන්න කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.
අපි ලංකාවට පේටන්ට් එකක් අයදුම්කරා උනාට පරීක්ෂා කරන්නේ ලෝකයේ තියෙන සියලුම තාක්ෂණයන්ට අදාළව. ඒක හින්ද පිටරට තියෙනවා උනත් ඒකට පේටන්ට් අයදුම් පත්‍රයක් දාන එකේ තේරුමක් නෑ.
පේටන්ට් එකක් කියන්නේ ප්‍රාදේශීයව ලබන අයිතියක්. ඒ කියන්නේ අපි ලංකාව පේටන්ට් එක තියෙනව නං වෙන කෙනෙක් ඒගොල්ලන්ගේ රටේ කරන ක්‍රියාවක් අපිට මෙහේ ඉඳන් නවත්තන්න බැහැ. ඒකට ඒගොල්ලන්ගේ රටේ අයිතිය අපි වෙනම ලබාගන්න වෙනවා
ඔව් එහෙම තමයි. පිට රටක අයිතිය ගන්න අපිට මෙහේ ඉඳන් පුළුවන්, හැබැයි අපි ඒ රටේ බුද්ධිමය දේපල කාර්යාලයේ අයදුම්පතක් දාන්න ඕනි. එතකොට රටවල් දහයකට අපිට යන්න බලාපොරොත්තුවක් තියෙනවනං රටවල් දහයම වෙන වෙනම දාන්න ඕන.
ඒකට ක්‍රම දෙකක් තියෙනවා, එකක් තමයි ඕන රටවල් ඔක්කොටම වෙන වෙනම අයදුම් පත්‍ර දාන එක. එක රටක් දාලා අවුරුද්දක් ඇතුලට අනිත් රටවල් ඔක්කොටම අයදුම් පත්‍ර දාන්න ඕන.
ඒ ප්‍රශ්නය නිසා තමයි දෙවෙනි ක්‍රමය ලබාදීලා තියෙන්නේ. එතෙන්දි වෙන්නේ PCT කියලා ක්‍රමයක්. ඒ කියන්නේ ලෝක බුද්ධිමය දේපල ආයතනය වෙත අපි අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනවා. එම අයදුම් පත්‍රය සඳහා online ක්‍රමයට තමයි අපිට නම්බර් එක හම්බවෙන්නේ. එහෙම දාලා අවුරුදු 2 1/2 දෙනවා කැමති රටවල් වලට වෙන වෙනම දාන්න. ඉතින් මේ මූලික අයදුම් පත්‍ර අංකය ලබාගන්න ඒගොල්ලො අපිට සීයට අනූවක වට්ටමකුත් ලබාදෙනවා.
ඇත්තටම ඔව්. පේටන්ට් ලබා දෙන්න ඒ ඒ රටවලින් නිසා ඒ රටට අයදුම් පත්‍රය අනිවාර්යෙන්ම දාන්න ඕනේ. එම දෙවන අදියරේදී අපිට තනියෙන් කරන්නත් බැහැ ඒ රටේ ලියාපදිංචි වෙච්ච ඒජන්තවරයෙකු හරහා තමයි අපි ඒක අයදුම් කරන්න ඕන.
ඇත්තටම පේටන්ට් බලපත්‍රයක් ගන්න බැහැ. හැබැයි ලෝකයේ රටවල් 158 ආවරණය වන විදියට පේටන්ට් අයදුම් පත්‍රයක් නම් ලබාගන්න පුළුවන්. මාස නවයක් විතර වෙන කොට ඒගොල්ලෝ අපිට අප ඉදිරිපත් කළ තාක්ෂණයෙහි කොයි තාක් දුරකට පේටන්ට් එකක් ලබා ගැනීමේ සම්භාවිතාවයක් තියෙනවද කියල Report එකකුත් අයදුම් පත්‍රයට ලබාදෙනවා.
ඇත්තෙන්ම ඔව්. අපි ජාත්‍යන්තර පේටන් අයදුම්පත්‍ර සම්බන්ධයෙන් ජාතික බුද්ධිමය දේපල ආයතනයේ සහ ලෝක බුද්ධිමය දේපල ආයතනයේ පුහුණුව ලැබූ අය. ඉතින් අපි හරහා විශ්වාසනීය සේවයක් ඔබට ඉටු කරගත හැකියි.
ඒක හොඳ ප්‍රශ්නයක්. ඕගොල්ලෝ හැම වෙලේම ඕගොල්ලන්ගේ තොරතුරු පිටට දෙන්න කලින් විශ්වාසනීයත්ව ගැන හිතලා බලන්න ඕනි. ඔබ අපිට තොරතුරු එළි කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම රහස්‍යය භාවය සුරකින ලියවිල්ලක් අප ආයතනයෙන් ඔබට ලබා දෙනවා. එය කියවා බලා එකඟ නම් පමණක් ඔබ ලිඛිතව අපිට තොරතුරු ලබා දෙන්න. මේ නවීන ලෝකේ කෙනෙක් ගැන ආයතනයක් ගැන තොරතුරු ලබාගන්න හරිම ලේසියි. ඕගොල්ලන්ට තියෙන්නේ අපේ web පිටුවට ඒවගේම Linkedin Facebook ප්‍රොෆයිල් වලට ගිහිල්ලා කලින් අපි කරපු දේවල් මොනවද ඒවගේම අප කෙරේ විශ්වාසයක් තබාගන්න පුළුවන්ද, අපිට තියෙන සුදුසුකම් මොනවාද කියලා හොඳින් කියවා බලන එක හොඳයි.
ඒකනම් හොඳ ප්‍රශ්නයක්. යම්කිසි කෙනෙක් ඔබට කලින් ඔබගේ තාක්ෂණය පිළිබඳ පේටන්ට අයදුම්පතක් යොමු කර තිබුණහොත් ඔබට ඔබගේ තාක්ෂණය සමඟ ඉදිරියට යා නොහැකියි. උදාහරණයක් විදිහට ප්‍රදර්ශනයක ඔබගේ තාක්ෂණය සැමටම පේන්න විවෘතව සාකච්ඡා කරන විට ඔබගේ තාක්ෂණික කරුණු පිට අයට හඳුනාගැනීමට හැකියි. හැම වෙලාවෙම ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීමට කලින් ඔබගේ පේටන්ට් අයදුම් පත්‍රය යොමු කර තබන්න.
ඒකට විසඳුමක් තියෙනවා. ප්‍රදර්ශනයේ ඉදිරිපත් කරපු දින සිට අවුරුද්දක් දක්වා කාලයක් ජාතික බුද්ධිමය දේපල ආයතනයෙන් ඔබට ලබා දෙනවා. ඒ කාලේ ඇතුලත ඔබගේ පේටන්ට් අයදුම් පත්‍රය යොමු කරන්න.
30. මෙයට අමතරව මම සඟරාවකටත් මේ පිළිබඳව ලියල තියෙනවනේ?
විද්‍යා සඟරාවේ පළ වී ඇති දිනයේ සිට අවුරුද්දක් දක්වා කාලය ඇතුලත ඔබගේ පේටන්ට් අයදුම් පත්‍රය ජාතික බුද්ධිමය දේපල ආයතනට යොමු කරන්න.
31. ඔයගොල්ලන්ගේ ආයතනයෙන් මීට කලින් පේටන්ට් කීයක් විතර දාල තියෙනවද?
අපි ආරම්භ වුණේ 2019 අවුරුද්දේ. එදා ඉඳන් හැම අවුරුද්දකම නොකඩවා අපි නව නිපැයුම් කරුවන්ට පේටන්ට් බලපත්‍රය ලබාගන්න උදව් කරා. ඉතිං මේ වෙනකොට පේටන්ට් සීයයි දෙසියයි අතර ප්‍රමාණයක් ගිහින් තියනවා.
32. ඉතින් කීයක් විතර සාර්ථක වෙලා තියෙනවද?
මේ වෙනකොට පරීක්ෂණයට ලක් වෙලා තියෙන පේටන්ට අයදුම් පත්‍රවලින් සියයට අනූපහක් විතරම අනුමත වෙලයි තියෙන්නෙ.
33. පේටන්ට් එකක් අරන් අපිට ප්‍රයෝජනයක් වෙයිද?
පේටන්ට් එකක් කියන්නේ අයිතියක් විතරයි. පේටන්ට් එකේ මුදල් බවට හරව ගන්න නම් අපිට ආකාර දෙක තුනක් තියෙනවා. එම තාක්ෂණය භාවිතා කරලා අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන. එහෙමත් නැත්නම් ඒ වගේ ව්‍යාපාරයක නිරත වෙලා ඉන්න කෙනෙක් හොයලා බලලා ඔබටත් යම්කිසි මුදලක් කාලයත් එක්ක එන විදියට පවරලා දෙන්න ඕන. ඒ දෙකම බැරි නම් වෙනත් ආයතනයක් සමග එකතුවෙලා තවදුරටත් දියුණු කරලා ප්‍රායෝගිකව යොදවන්න ඕනේ. තවත් එක විදියක් තියෙනවා. ඒ තමයි පේටන්ට් එක ඔයාලට එපා නම් විකුණල දාන්න පුළුවන්.
34. ඔයාලට ඒකට උදව් කරන්න පුළුවන්ද?
ඔහු අපි ඒක කරනවා. ඔයාලගේ පේටන්ට් එකෙන් ඕයගොල්ලන්ට ව්‍යාපාරයක් ආරම්භ කරන්න අමාරු නම් ඒක අපිට දෙන්න. අපි ඒක සුදුසු කෙනෙක් බලලා පවරා ඔබටත් අවුරුදු විස්සකට ආදායමක් එන මගක් සලසා දෙන්නම්.
35. පේටන්ට් එකෙන් කරන්න පුළුවන් මොනවාද?
අවුරුදු විස්සකට අපේ වෙළඳපළ අපටම සුරක්ෂිත කරගන්න පුළුවන්. ඒවගේම අප අලුත් දේවල් හදන ආයතනයක් විදියට පෙන්වන්න පුළුවන්. ආයෝජනයක් ගන්න ගියාම වුණත් අපේ වෙළඳපළ තරගකරුවන්ගෙන් තොරව පවත්වාගත හැකි නිසා ආයෝජකයින් එයට ඉතාම කැමතියි. ඒවගේම නව නිපැයුම්කරුවෙක් උනහම ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් හොඳ පිළිගැනීමක් තියෙනවා. ඔයාලට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් ලබා දෙන හැඳුනුම්පත ලබාගන්නත් පුළුවන්.